Thursday, May 10, 2012

ඇත්තටම කොහොමද මේ Unlimited Bandwith දෙන්නේ ?

අපට මේ වන විට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව අප සේවාව ප්රෝයෝජනට ගැනීමට කැමැත්තෙන් සිටින හුග දෙනෙකුට ඇති ගැටළුවක් පිළිබධව තමයි අද අප විසින් කතා බහට ලක් කරන්නේ. ඇත්තටම අපි මෙලෙස Unlimited Bandwith හෙවත් Unlimited Data Transfer ලබා දීම පිලිබදව මේ වන විට ලොකු ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබෙනවා. එනම් මෙය කල හැකි දෙයක්ද යන්නයි. ඇත්ත වශයෙන්ම කියනවනම් මෙය සිදු කල හැකි දෙයකි. මොකද බොහෝ දෙනා Unlimited Bandwith එකක් තිබුනද මාසයක් පුරාවටම බාවිතා කරන්නේ ඉතාමත් සුළු Data ප්‍රමාණයකි. එනම් හුගක් පරිබෝගිකයින් තමන්ගේ Bandwith එක උපරිම ලෙස බාවිතා නොකරයි. ඔවුන් සමහර විට මුළු මාසය පුරාම පාවිච්චි කර ඇත්තේ 10 GB Data ප්‍රමාණයකි. එක් පැත්තකින් මෙම කරුණ නිසා අප ආයතනය හට ඉතාමත් පහසුවෙන් ඕනෑම අයකුට Unlimited Bandwith පහසුකම ලබා දීමට හැකි වී තිබේ. නමුත් මේ අතරින් Music Store වැනි ඇති දැවැන්ත වෙබ් අඩවි වලින් දිනකට පරිබෝජනය කරන Data ප්‍රමාණය ඇති මහත්ය. එබැවින් අපි එවැනි අවස්ථා වලට ඉතාම සුදානම් සහගතව මුහුණ දීමට සුදානම්ව ඇති බව සතුටින් උතුව ඔබ වෙත දන්වා සිටිමු. දැනට ඇමරිකාවේ පිහිටි Netriplex ආයතනයේ පිහිටුවා ඇති අපගේ Servers සදහා තප්පරයට මෙගා බයිට් 1000 කින් ( 1000 Mbps ) යුක්ත අධිවේගී සීමාරහිත අන්තර්ජාල ප්‍රවේශයක් ඇත. මෙම නිසා අපට ඔබගේ Hosting අවශ්‍යතාවය ඉතාමත් පහසුවෙන් සපුරාලිය හැකි බව සතුතින් මතක් කර සිටිමු. දැනට ශ්‍රී ලංකාව ඉලක්ක කර ගෙන ශ්‍රී ලංකාවේ ඔබ සැමට ඉතාමත් ඉහල ගුණාත්මක සේවාවක් ලබා දීම අපගේ අරමුණ වන අතර ඉදිරි කාලය තුලදී එය ජාත්‍යන්තර තලයට ගෙන යාම අපගේ යටි අරමුනයි. එසේනම් ලගදීම ශ්‍රී ලංකාවේ Web Hosting කේෂ්ත්‍රයේ දැවැන්තයා ලෙස කිරුළු පළදින Hosting Lions (PVT) Ltd සමග අත් වැල් බැද ගන්න ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.


අපගේ නිල Facebook Fan පිටුවට මෙතනින් පිවිසෙන්න >>>




Comments
0 Comments